පාසලේ ඉතිහාසය
ක්‍රිස්තු වර්ෂ 1930 දී ගමේ ප්‍රභූ කිහිප දෙනෙක් එකතු වී පෞද්ගලික ඉඩමක කුඩා පොල් අතු මඩුවක් සාදා සිසුන් 10 දෙනෙකුගෙන් පමණ පාසල ආරම්භ කළහ.
පාසලට ඇතුළත් කළ පළමු සිසුවා ප්‍රේමදාස බටගොඩ මහතාය. ගමේ උගත් තරුණයෝ ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූහ. මුලදී විදුහල්පති වූයේ ඊ ජයවර්ධන මහතාය. පාසලේ සිසුන් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම දානපතියන් වන දොන් කරෝලිස් බටගොඩ සහ දොන් චාල්ස් බටගොඩ යන මහත්වරුන් විසින් පාසලට තවත් ඉඩමක් පරිත්‍යාග කරන ලදී. ගම්වාසීන් එකතු වී රජයේ ආධාර ඇතිව අඩි 100x20 ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. මෙම ගොඩනැගිල්ල 2015 වසර දක්වා පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල ලෙස පැවති අතර, එම ස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.1980 දශකය වන විට පාසලේ සිසුන් දහසක් පමණ අධ්‍යාපනය ලබා ඇති අතර ගුරුවරුන් 40 දෙනෙකු පමණ සිට ඇත. ජනවරම පැවැත්වේ.2014 වසරේ මුල් කාර්තුවේදී පාසලේ නව විදුහල්පතිවරයා ලෙස වත්මන් විදුහල්පති එම්.ජී.විජේතිලක මහතා පැමිණීමත් සමඟ පාසල නව යුගයකට ගමන් කරයි.